ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඉන්දියාවට ගියද නෙදර්ලන්තයට එරෙහිව හෙට (21) පැවැත්වෙන තරගයට ක්රීඩා කිරීමේ අවස්ථාව නොමැති බවත් , ඔවුන් දෙදෙනාම මේ දක්වා 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතයට ඇතුළත් වී නොමැති බවත් වාර්තා වේ .
ආබාධයකට ලක්ව සිටින මතීෂ පතිරණගේ ස්ථානයට වෙනත් ක්රීඩකයෙක් ආදේශ කිරීමට අන්තර්ජාතික ක්රිකට් සභාවේ තාක්ෂණික කමිටුවෙන් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති අතර එවැනි තත්ත්වයක් තුළ මැතිව්ස්ට හෝ දුෂ්මන්තට හෙට (21) තරඟයට ක්රීඩා කිරීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවද සඳහන් .