අද (05) අලුයම අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම තුළදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1184 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී හෙරොයින් ග්‍රෑම් 337යි මිලිග්‍රෑම් 758ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 242යි මිලිග්‍රෑම් 372ක්, ගංජා කිලෝ 06ක ප්‍රමාණයක් , ගංජා පැළ 7,772 ක්, මාවා කිලෝ 03යි ග්‍රෑම් 694ක්, හෂීස් ග්‍රෑම් 55ක්,
මත්පෙති 1,221 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 226ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 1184 දෙනා අතරින් සැකකරුවන් 59 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 49 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද පොලීසිය පවසයි.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.