තවත් සැකකරුවන් 703ක් අත්අඩංගුවට .

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 703 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 525ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 178ක් ඒ අතර වන බවයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 525 දෙනා අතරින් සැකකරුවකු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 06 ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව සදහන්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 04 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 178 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 156 ක්ද සිටින බවට පොලීසිය පවසා තිබේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 09 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම්වලදී පහත පරිදි මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ.

Exit mobile version