තවත් සැකකරුවෝ 955ක් යුක්තියට කොටු වෙලා.

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (07) සිට අද (08) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 955ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන් සැකකරුවන් 39 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවට පොලීසිය පවසයි.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 31දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 51දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් 261g                                                   
ගංජා 2kg 946g                                            
ගංජා පැළ 58,234ක්                                                                                                                   
ගංජා සුරුට්ටු 12ක්
මාවා 3 kg 903g                                              
තුල් 448g                                                  
මත්පෙති 1,403ක්                                                                                                                       
ඈෂ් 118g                                                  
මදන මෝදක ගුලි 41g

Exit mobile version