මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදා ගැනීමට තවත් උත්සහායක්.

මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකික පිරිස බේරාදෙන ලෙස ඉල්ලමින් සකස් කළ මහානායක හිමිවරුන්ගේ සංදේශයක් මියන්මාර මහානායක හිමියන් වෙත යොමුකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ අදාළ සංදේශය යොමුකිරීම මගින් මියන්මාර මහානායක හිමි හරහා මියන්මාර රාජ්‍ය පාලනය මෙම ගැටලුව විසදීමට මැදිහත් කරගන්නා බවයි.

Exit mobile version