ශ්‍රී ලංකාවේ දේශපාලන නොසන්සුන්තාවන් , සන්නද්ධ ගැටුම් සහ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පුද්ගලයින් සිහි කිරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය හිමිව ඇති බව වාර්තා වේ.
මෙයට අදාළ ස්මාරකය කොළඹ නගරයේ සුදුසු ස්ථානයක ඉදිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්.