තවත් රිය අනතුරක්.

මේ අතර ඊයේ උදෑසන කොස්ගොඩ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බුද්ධගොඩට හැරෙන හන්දිය අසලදී ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකවරම මාර්ගය හරහා U හැඩයට හරවා නැවත ගාල්ල දෙසට ගමන් කිරීමට යාමේදී කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ එක් පැදිකරුවෙකු බෙන්තර රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට මාරු කර යැවූ බවට පොලීසිය පවසයි.

අනෙක් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි දියගම ගල්පාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Exit mobile version