ගාල්ල – මාපලගම මාර්ගයේ නාගොඩ රෝහල අසලදී ඇඟලුම් කාර්මාන්ත ශාලාවක සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ පිටුපස ගැටී, පැදිකරු බස් රථයේ රෝදයකට යටවීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
එම අනතුරින් තුවාල ලැබූ 73 හැවිරිදි යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.