ඊයේ (13) හම්බන්තොට , වැල්ලවාය මාර්ගයේ මෝටර් රථයක් සහ ඊට විරුද්ධ දෙසින් පැමිණි යතුරුපදියක් ගැටීමෙන් සිදු වූ අනතුරින් යතුරුපදිකරු සහ පසු පැදිකාරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්ලගල , තිස්සමහාරාම ප්රදේශයේ පදිංචි 67 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු තිස්සමහාරාම පොලිසිය විසින් සිදු කරනු ලබයි.