තවත් රිය අනතුරක් ජීවිතයක් බිලි ගනී.

වරකාපොළ පොලිස් වසමේ වරකාපොළ අඟුරුවැල්ල මාර්ගයේ මායින්නොළුව ප්‍රදේශයේ දී වරකාපොළ දෙස සිට අඟුරුවැල්ල දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් මාර්ගයේ පසෙක ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී සිදු වූ අනතුරින් පදිකයා ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 62 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version