එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරගයේදි ශතකයක් වාර්තා කිරීමට දකුණු අප්රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් සමත් වූ බව වාර්තා වේ.
පන්දු 101කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමග ඔහු මෙම ශතකය රැස්කර තිබේ.
ඔහු අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්රිකට් දිවියේ 20 වන ශතකයයි.
ක්වින්ටන් ඩි කොක් මෙවර ලෝක කුසලානයේ ඉනිම 5කදි ශතක 3ක් වාර්තා කිරීමට සමත්වි තිබේ.