ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ත්‍රිකුණාමලය වරාය සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීම සඳහා වන මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (19) ආරම්භ වී තිබෙන අතර මෙම නියමු ව්‍යාපෘතිය මඟින් ලොව පුරා ප්‍රචලිත ත්‍රිකුණාමලය ස්වභාවික වරායේ අසිරිය නැරඹීමට සහ නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම්, ආරක්ෂිතව සහ සහනදායි මිලකට සලසා ගැනීමේ අවස්ථාව උදාවන බව නාවික හමුදාව සඳහන් කර තිබේ.