සබරගමුව පළාත්  රාජ්‍ය නිලධාරීන්ගේ තවත් දූෂිත පැතිකඩක් – නව ආණ්ඩුකාරතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

සබරගමුව පළාත් පරිවාස දෙපාර්තමේන්තුවට අයත් වැඩිහිටි නිවාසවල මෙන්ම ළමා නිවාස වලද තිබෙන විවිධ ගැටලු අප වරින් වර වාර්තා කළ අතර සුවිශේෂී වූ කරුණු පිළිබඳව ද විවිධ අවස්ථාවලදී ප්‍රධාන මාධ්‍ය ධාරාවන්හිදී පලවිය.

අප වාර්තා කළ වාර්තා අතර ප්‍රධාන ස්ථානයක් ගත් රත්නපුර , වැලිගෙපොල , මගයාය පිහිටි ආර්. සෝමදාස වැඩිහිටි නිවාසයේ තත්ත්වය ඉතාම සෝචනීය බවට පත්ව තිබේ.එසේ වීමට බලපෑ ප්‍රධානතම හේතුව බවට පත්ව තිබුණේ සමාජ සේවාසහකාර අධ්‍යක්ෂිකාව වන චතුරංගනී ප්‍රේමරත්න, සමාජ සේවා නිලධාරී මංගලිකා උඩවත්ත , සමාජ සේවා නිලධාරී නිහාල් වසන්ත සහ මෙම වැඩිහිටි නිවාසයේ හිටපු පාලිකාවටද දූෂණ වංචා චෝදනා එල්ලව තිබේ.

එම දූෂණ සහ වංචා පිළිබඳ අප මීට පෙරද වාර්තා කළ නමුත් සබරගමුව පළාත් සභාවේ අදාළ ලේකම්වරයා ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු මේ වන තෙක්ම ඉටු කර නැත.

එවන් පසුබිමක වංචා දූෂණවලට වගකිව යුතු මෙම නිලධාරී මණ්ඩලය නැවත වරක් පාලක මණ්ඩලයට පත් වන්නේ සිවිල් පුරවැසියන්ගේ දැඩි අප්‍රසාදය සමඟිනි.එහි විශේෂත්වය වන්නේ දූෂණ චෝදනාවලට ලක්ව සිටින මෙම නිලධාරීන්ව නැවතත් එම තනතුරුවලට පත්කර දූෂණ චෝදනා සියල්ලම යටපත් කිරීමයි.

එසේ පත් කිරීමට එරෙහිව ගම්වාසීන් විරෝධතා ඉදිරිපත් කළද එයට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට නිසි බලධාරියෙක් ලෙස සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකාව කටයුතු නොකළේය.

ඉන් අනතුරුව මාස කිහිපයක කාලයක් වැඩිහිටි නිවාසයේ පාලනය ඔවුන් කරගෙන ගොස් පාලක මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කළේය.ඒ පසුගිය 20 වැනිදාය.

ඒ සඳහා පළාත් සමාජ සේවා කොමසාරිස්වරිය , චෝදනා ලත් සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකාව සමඟ මධ්‍යම රජය නියෝජනය කරමින් වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම්වරයා ද සහභාගී විය. එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පළාත් සමාජ සේවා කොමසාරිස්වරිය සඳහන් කළේ අදාළ නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් කළ බවට තමන් නොදන්නා බවයි.හේතුව නම් එම කොමසාරිස්වරිය සබරගමුව පළාත් සමාජ සේවා කොමසාරිස්වරිය ලෙස පත්වීම් ලබන්නේ මෑතකදී වීමය.කෙසේ නමුත් ජනතාව විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි යටපත් කර තිබේ.එයට වගකිවයුත්තේ කවුරුන්ද යන්න සොයා බැලීමක් පළාත් පරිවාස නියෝජ්‍ය කොමසාරිස්වරිය ඇතුළු නිලධාරීන් සහ දූෂිත පාලිකාව බේරා ගැනීමට කටයුතු කරන සබරගමුව පළාත් සභාවේ නොපෙනෙන හස්තය කවුරුන්ද යන්න වෙනමම සෙවිය යුතුය.

එසේම මෙම නව ස්වෙච්ඡා පාලක මණ්ඩලය පත්කර ගැනීම සඳහා ද අපූරු ක්‍රියාවක නිරත වීමට පළාත් සමාජ සේවා සහකාර අධ්‍යක්ෂකවරිය ඇතුළු කණ්ඩායම කටයුතු කර තිබුණේ එම ප්‍රදේශයේ තමන්ට පාලනය කළ හැකි පුද්ගලයන් සොයා මෙම රැස්වීමට සහභාගී වන ලෙස ලිඛිතව ආරාධනා කර තිබීමයි. එහිදී ඔවුන් සැලසුම් කර තිබුණේ ඔවුන්ගේ දූෂණ සහ වංචා පිළිබඳව සොයන්නෙ නැති කණ්ඩායමක් පාලක මණ්ඩලය ලෙස පත් කර ගැනීමට කටයුතු කර ගැනීමටයි.නමුත් එය ව්‍යර්තව ගියේ ඔවුන්ගේ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කළ පුද්ගලයන්ද මෙම රැස්වීමට සහභාගී වීමත් සමඟය .

එහිදී සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකාවගේ යෝජනාවෙන් සහ තවත් නිලධාරිනියකගේ ස්ථීරත්වයෙන් පත් වූ නව සභාපතිවරයා ඉල්ලා අස් වන ලදී.ඒ අතර නිලධාරීන්ගේ වැරදිවලට එරෙහි වූ ගම්වැසියෙක් සභාපති ධූරයට පත් වූ අතර අනෙකුත් සියලුම නිලධාරීන් , නිලධාරීන්ගේ වංචා දූෂණවලට එරෙහි වූ අය විය. සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකාව මෙන්ම අනෙකුත් දූෂණ චෝදනා ලත් නිලධාරීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූ බව දක්නට ලැබිණි.

ඒ අතර සබරගමු පළාත් සභාව පැත්තෙන් අපට තවත් ආරංචියක් ලැබිණි.ඒ පළාත් පරිවාස කොමසාරිස්වරියව ස්ථානමාරු කර යැවීමට අවශ්‍ය දිගුදුර මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි. එයට හේතුව ලෙස වාර්තා වන්නේ මෙම දූෂණවලට වගකිව යුත්තා සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකාව බවත් , ඇයට සහය පිණිස පළාත් සභාවේ අමාත්‍යාංශයෙන් දූෂිත ලේකම්වරයෙකුද සිටින බවත් , එම ලේකම්වරයාගේ අවශ්‍යතාව දූෂණ චෝදනාවලට ලක්වෙමින් දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකාව බවට පත් කර ගැනීම බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.

මේ ආකාරයේ දූෂිත නිලධාරීන් නොහොත් වැඩිහිටියන්ගේ බත්පතින් සොරා කෑ නිලධාරීන් තව දුරටත් පළාතේ තබා ගත්තද , ඔවුන්ගේ කුමන්ත්‍රණවලට තව දුරටත් ඉඩ ලබා දෙන්නේද යන වග පළාත් ලේකම්වරයා සහ නව ආණ්ඩුකාරවරයා තීරණය කළ යුතුය.මේ ආකාරයෙන් විවිධ කුමන්ත්‍රණ කරමින් , මහජන මුදල් සමඟ මෙන්ම මිනිසුන්ගේ සුභ සාධක මුදල් සමඟද සෙල්ලම් කරමින් , තම රාජ්‍ය තනතුර හා අවභාවිතා කිරීම පිළිබඳව වෙනමම විමර්ශන පවත්වා නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් , ශ්‍රී ලංකාව නැවත ගොඩනැගිය හැකියයි විශ්වාස කිරීමද විහිළුවකි.

සබරගමු පළාත් නව ආණ්ඩුකාරතුමනි, ලේකම්තුමනි , මේ ඔබේ අවධානය සහ ක්‍රියාත්මක වීම සහ ක්‍රියාත්මක වීම පිණිසයි.

මීට පෙර ඉදිරිපත් කළ ලිපි මඟින් කර තිබූ චෝදනා . මේවා තවමත් විභාග වී නොමැත.

සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකාව ,

සමාජසේවා නිලධාරී මංගලිකා උඩවත්ත මහත්මිය ,

සමාජසේවා නිලධාරී නිහාල් වසන්ත මහතා ,

හිටපු පාලිකා තුමිය ,

අපගේ මුහුණු පොතටත් එකතු වෙන්න

https://web.facebook.com/sriravanalankatv?cft[0]=AZVITJPp8ocbOzRhi6_LFQ0SDDfJyM4gCEdgsa00Tid5RnLHEGub2zEW4keO-i7SfA_L2794Q0Cj0kkEutS47Uwj8esBbAefPavj4YUx5kut4ETyFqpk7zWOPwFKIPyVepZZlPZBfAerWPJoHHiNuap8d5dfOmlm0eNbzNPM2BygRg&tn=-]K-R

Exit mobile version