අද (21) උදෑසන මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ මස් වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කර තිබේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව සදහන්.
එලෙස මියගොස් ඇත්තේ කඳාන ප්රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමැත්තෙකු බවට අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ ඥාතියෙක් වන බවට ද තොරතුරු ලැබී ඇත.
වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මස් වෙළෙඳ සැලේ සහායට සිටි පුද්ගලයා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබේ.
“මස් ටික එල්ලලා මම ත්රීවිල් එක මෙහෙට දාන්න ඕන නිසා අත හෝදන්න එළියට ආවා. එතකොටම වෙඩි සද්දයක් ඇහුණා. මම හිතුවේ රතිඤ්ඤා කියලා. කවුරුත් දැක්කේ නෑ. මම බලද්දි දැක්කා බයිසිකලයක් එහා පැත්තේ නවත්තලා තිබුණා. වෙඩි දෙක තුනකට වැඩිය තිබ්බා.”