තවත් රැඳවියන් පිරිසක් රෝහල්ගත කෙරේ.

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් 05දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

අද (05) පස්වරුවේ ගාල්ල බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් පිරිසක් මෙලෙස කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කර තිබේ.

මීට පෙර කරාපිටිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබූ රැඳවියන් දෙදෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටින බවට ඔහු පවසා තිබේ.

මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළයේ උණ රෝගය වැලඳි මියගිය බව තහවුරු විම හේතුවෙන් අද සිට දින 7ක කාලයක් එම බන්ධනාගාරයේ‍ කටයුතු සිමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Exit mobile version