අධික වර්ෂාවත් සමග වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුගම ග්‍රාම නිලධාරි වසමේ සාදින්නාවල ගම්මානයේ නිවසක් නායයෑමට ලක්ව ඇති බව වාර්තා වේ.
එම ගම්මානයේ තවත් නිවාස 05ක් පමණ නායයෑමේ අවදානමක පවතින බවද වාර්තා වෙයි.
ඒ අනුව අදාළ නිවාසවල ජීවත්වූ පවුල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.