ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට කපන ලද කිතුල් ගසක් වැටීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
හඟුරන්කෙත කැටිල්ලවල ප්රදේශයේදී ඊයේ (15) සවස් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති අතර බරපතළ තුවාල ලද එම පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සදහන්.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 53 හැවිරිදි ඉස්කෝලවත්ත ඇකිරිය ප්රදේශයේ පුද්ගලයෙකි.
පොලීසිය සඳහන් කළේ එම මරණය සම්බන්ධයෙන් ගස කපන ලද පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.