ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න යළිත් අවස්ථාව.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථාව ලබා දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රැඳවියන් අතර පැතිර ගිය උණ සහ සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනවල ඥාතීන්ට රැඳවියන් බැලීම සීමාකර තිබූ නමුත් රැඳවියන් පිටතට රැගෙන යාම තවදුරටත් සිදුනොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට එම රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර ගිය අදාළ රෝගී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු රෝහල් ගත කරන ලදී. ඉන් සිව් දෙනෙකු තවදුරටත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Exit mobile version