පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සුදු කරමින් පසුගිය 2021 වසරේ සිඳු වූ ගෘහස්ත ගෑස් සිලින්ඩර පිපිරීම පසුපස සිටි ප්‍රධානතම පුද්ගලයා ලිට්රෝ ගෑස් හිටපු සභාපති අනිල් කොස්වත්ත බවත් මේ අනතුර සිදුවිය හැකි බවට මුලින්ම තමන් ලිඛිතව දැනුවත් කළ ද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් එය සැඟවීමට කටයුතු කළ බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයෙකු වන තුෂාන් ගුණවර්ධන ඊයේ (10) අනාවරණය කළේය.
මේ වන විට ජීවිතාරක්ෂාව පතා ඕස්ට්‍රේලියාවට ගොස් රැකියාවක නිරතව සිටින ගුණවර්ධන මහතා චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේ බව අනාවරණය කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙම ගෑස් ප්රශ්නය පිළිබඳව යළි යළි මතු නොකරන ලෙස ඉල්ලා තමන්ට මුදල් ලබා දීමට ද උත්සාහ කළ බවත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටින හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු තමන්ට මුදල් ලබා දීමට ද උත්සාහ කළ බවත් ඔහු එහිදී සඳහන් කළේය. ඒ තමන් මේ කටයුතු සම්බන්ධයෙන් තමන් දන්නා සියලු කරුණු අභියාචනාධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් ලබා දුන් බව ද තුෂාන් ගුණවර්ධන සඳහන් කර සිටියේය.
වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයකු වන ගුණවර්ධන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කළේය.
“ මේ ගෑස් ප්රශ්නයේ ප්‍රධානතම වරදකරුවා අනිල් කොස්වත්ත . ඔහු තනිකරම ජාවාරම්කාරයෙක් . කාගේ හරි වුවමනාවක් එයා ඉෂ්ඨ කළේ . අනිල් කොස්වත්තයි ඒ හිටපු අධ්යක්ෂ මණ්ඩලයයි මේකේ වගකීම ගන්න ඕනි . ඔවුන් හඳුන්වා දුන් ගෑස්වල බියුටේන් ප්‍රොපේන් සංයුතිය ගැලපෙන්නේ නෑ. ඒක පුපුරනවා කියලා පැහැදිලිවම ඒ අය දැනගෙන හිටියා.අභියාචනාධිකරණයේ විභාගය වන ගෑස් පිපිරීම නඩුවේ දිවුරුම් ප්‍රකාශයේ වෙච්ච සිද්ධිය පිළිබඳව මගේ ගාව තියෙනවා ලිය කියවිලි . බන්දුල ලසන්ත අමාත්‍යවරුන් දෙදෙනාට මම දැනුවත් කළා.මේක මහජනතාවට භයානකයි මේක පුපුරයි කියලා මම රතු පාටින් ලියපු ලියුම 2021 මැයි 21 බන්දුල ගුණවර්ධන, ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් දෙදෙනාට පාරිභෝගික අධිකාරියේ සභාපති , වෙළද අමාත්‍ය ලේකම්වරයාට යොමු කළා.ජානාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දරත් දැන හිටියා.ඔවුන් මගේ කට වහන්න උත්සාහ කළා මිස මීට පියවර ගත්තේ නෑ. මේ අවුලක් වෙයි කියලා දැනගෙන හිටියා . මේ නව සංයුතිය සමඟ සිලින්ඩරය තුළ පීඩනය දෙගුණයක් වැඩියි.අපි මේක දැක්කා අප්‍රේල් 15 වෙනකොට දැන ගත්තා. අප්‍රේල් 20 මේ ගෑස් වෙළදපොළේ අයින් කරන්න කියලා අණ කිරීමක් කළා.ඇහුවේ නෑ. “
ඊට පසුව තමන්ට මරණ තර්ජන පැමිණි බවත් මෙම මරණ තර්ජනවලට බන්දුල ගුණවර්දන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් සම්බන්ධ බවටත් හෙතෙම චෝදනා කළේය.
ගෑස් පිළිබඳව මේ වන විට අභියාචනාධිකරණයේ විභාග වන නඩුවක තමන් ද වගඋත්තරකරුවෙකු වන බවත් එහිදී තමන් මේ සම්බන්ධයෙන් දන්නා සියලු කරුණු දිවුරුම් පෙත්සමක් මඟින් ලබා දී ඇති අතර ඉදිරියේදී එම නඩුව විභාග වීමේදී දැන ගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.
( ලංකා සර )