මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු බියගම මල්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10 ක් පමණ තිබූ බවද පොලීසිය පවසා තිබේ.
23 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු එම අපරාධයට සෘජුවම සම්බන්ධ බවට සැක කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.