පුත්තලම පොලිස් වසමේ පළුගස්වැව ප්රදේශයේ ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (04) දහවල් කාලයේදී එම සිරුර සොයාගෙන ඇති බවට පොලීසිය පවසා තිබේ.
මරණකරු කොට්ටුකච්චිය ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.