මාරවිල පොලිස් වසමේ දෙමටපිටිය ප්රදේශයේ මළ සිරුරක් තිබී සොයා ගත් බව වාර්තා වේ .
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 43ක් වූ වෙන්නප්පුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයාගේ ශරීරයෙන් ලේ වහනය වෙමින් මියගොස් ඇති බවත් , මෙය පහරදීමක් හේතුවෙන් සිදුවු මරණයක් බවටත් පොලීසිය සැක පල කරයි.
නමුත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, පසුගිය 29 වනදා මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් ඔහු අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.