අස්වැසුම අභියාචනා සහ විරෝධතා ජනාධිපති ලේකම් කාර්‍යාලයට.

අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අවසන් වූ අතර මේ වන විට අභියාචනා නවලක්ෂ පනස් නව දහස් එකසිය නවයක් සහ විරෝධතා දහසයදහස් තුන්සිය විසි දෙකක් ලැබී තිබේ. මෙලෙස ලැබුණු අභියාචනා සහ විරෝධතා ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්‍යාලයට ලබා දීමට නියමිත බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම යම්කිසි ප්‍රදේශයක අභියාචනා ලබා ගැනීමට කටයුතු කර නොතිබේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයට පැමිණිලි කළ හැකි බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා සඳහන් කර තිබේ.

Exit mobile version