ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 2023 / 2024 අධ්‍යන වර්ෂයන්ට අදාළව ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබන බව වාර්තා වේ .
ඒ අනුව 2021 , 2022 වර්ෂ වල පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයට සහ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි , සුදුසුකම් සපුරා ඇති , වයස අවුරුදු 28 ට අඩු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සහ ගිහි පිරිමි සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. මෙම අයදුම්පත් 2023 .10. 10 දින දක්වා භාර ගනු ලබන අතර එදිනට පෙර සම්පූර්ණ කරන ලද අයදුම් පත් සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා ශිෂ්‍ය සේවා) , ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය , ගුරුළුගෝමී මාවත , පිටිපන උතුර , හෝමාගම යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුව තිබේ.
අයදුම්පත හා අදාළ විස්තර www.bpu.ac.lk යන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමෙන් ලබාගත හැකි අතර 011 – 2857786 සහ 011 – 2891104 යන දුරකථන අංක මගින් වැඩිදුර විස්තර ලබා ගත හැකි බව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය දන්වා තිබේ.