ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවේ.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය දෙසැම්බර් මස පළමු සතියේ දී පවත්වා මාස තුනක් ඇතුළත පත්වීම් ලබා දී අවසන් කරන බවත් , 3000ක් පමණ වූ ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා ඉල්ලූම්පත්‍ර කැඳවා ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා “අලුත් ගමක් – අලුත් රටක්” ජාතික වැඩසටහනට සමගාමීව වව්නියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහන වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීම් අවස්ථාවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම නීත්‍යානුකූලව ඒ සියලු ඉල්ලුම්පත්ලාභීන්ට විභාගයට සහභාගිවීමට අවස්ථාව ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලදී .

තවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ග්‍රාම නිලධාරී පුරප්පාඩු ඇති දුෂ්කර ප්‍රදේශවල විශේෂ සුදුසුකමක් මත විභාගය පැවැත්වීමෙන් අනතුරුව පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි.

Exit mobile version