පාකිස්තානයට IMF ණය වාරිකය සඳහා අනුමැතිය .

පාකිස්තානය සඳහා නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමි ව ඇති බව වාර්තා වේ.

ඒ සඳහා වන මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ඊයේ (11) දිනයේ හිමි ව ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත වීම, පාකිස්තානයට සෞදි අරාබිය ඇතුළු රටවලින් මූල්‍ය සහාය ලබගැනීම සඳහා ඉතා වැදගත් වන බවට විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.

Exit mobile version