අනුරාධපුර මහා විහාර සංවර්ධන සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
මහා විහාරය ශ්‍රී ලංකාවේ ආගමික හා ඓතිහාසික වශයෙන් සුවිශේෂී වටිනාකමක් සහිත පරිශ්‍රයක් වන බැවින් අනුරාධපුර මහා විහාර ගවේෂණය හා සංරක්ෂණ කටයුතු විධිමත් නිශ්චිත කාලරාමුවක් තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය පවසයි.
ඒ අනුව මහා විහාරයේ ගවේෂණය කැණීම් හා සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත පුරාවිද්‍යා ක්ෂේත්රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ප්‍රවීණ විදේශීය විශේෂඥ වන මහාචාර්ය රොබින් කණින්හැම් මහතා විසින් ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ව්‍යාපෘති වාර්තා මඟින් 2024 වර්ෂයේ සිට 2029 වර්ෂය දක්වා වසර හයක කාල සීමාවක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.