බහින්බස්වීම ඝාතනයකින් කෙළවර වේ.

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී පුද්ගලයකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (14) සවස සාදයකට සහභාගී වී ඇති පුද්ගලයෙකු එහිදී තවත් පුද්ගලයෙකු සමග බහින්බස්වීමක් සිදුව තිබේ.

පසුව එම ගැටුම දුරදිග යාමත් සමග සාදය අවසන් වී ඇති අතර ඔහු එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වී තිබේ.

එම අවස්ථාවේදී නැවතත් මෙම පුද්ගලයාට පහර දී ඇති අතර පසුව ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී ඔහු මියගොස් ඇති බවට පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

පහරදුන් පුද්ගලයාද තුවාල ලබා  මේ වන විට ජයවර්ධනපුර රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන්.

ඝාතනයට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version