රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ වගකීමෙන් ශ්‍රි ලංකා යුද හමුදාව ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ අටක් පමණ මුද්‍රණය කිරීම සඳහා ගොඩ ගැසී තිබීම සහ ප්‍රමාණවත් මුද්‍රණ යන්ත්‍ර නොතිබීම නිසා රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ වගකීම පුද්ගලික සමාගමක් වෙත පැවරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ නිර්දේශය මත ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අවසරය හිමිව ඇති බව සඳහන්.
ඒ අනුව මේ වන විට මුද්‍රණය කිරීම සඳහා ගොඩ ගැසී ඇති රියදුරු බලපත්‍ර මාස තුනක් ඇතුළත මුද්‍රණය කර අයිතිකරුවන් වෙත භාර දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.