යුද්ධ හමුදාව මානව හිමිකම් කොමිසමෙන් කල් ඉල්ලයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට 2022.07.09 වන දින ගිනි තැබීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වන පරීක්ෂණය සඳහා ඊයේ (21) ත්‍රිවිධ හමුදාවේ පාර්ශවයක් කැඳවා තිබූ අතර එම පරීක්ෂණයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නොපැමිණි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම පරීක්ෂණයට අදාල කරුණු දැක්වීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මානව හිමිකම් කොමිසමට ලිඛිතව දන්වා තිබූ අතර ඒ අනුව එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඉදිරි දිනයකදී කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කැඳවීමට නියමිත බව මානව හිමිකම් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version