යුද හමුදාවේ 410 වෙනි සෙබළා වයස අවු: 102 සම්පූර්ණ කරයි.

ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ 410 වෙනි සෙබළා පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා සිය 102 වන උපන්දිනය සමරා තිබේ.ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් රාජකීය කාලතුවක්කු හමුදාවේ Royal Artillery ඒකකයේ සේවය කර තිබේ.මෙසේ එම කාලයේදී එංගලන්ත ජාතිකයන් සමග එකිනෙක ගැටෙමින් සේවය කළ මොහු උපත ලබා ඇත්තේ වර්ෂ 1918 ඔක්තෝම්බර් මස 30 වැනිදාය.

ඔහු වෙනුවෙන් මුහුණු පොතේ තබා තිබූ සටහන පහතින්,

ලාංකික යුද හමුදාවේ 410 වෙනි සෙබළාට අදට වයස අවුරුදු 102 වෙනවා. මෙයා යුද හමුදාවට අයත් රාජකීය කාලතුවක්කු හමුදාවේ ( Royal Artillery ) තමයි රටට සේවය කරලා තියෙන්නේ. එදා සුද්දගේ කලේ සුද්දොත් එක්ක හැප්පි හැප්පි සේවය කරපු මොහු වර්ෂ 1918 ඔක්තෝබර් මස 30 වෙනිදා තමයි උපත ලබල තියෙන්නේ. අදට යෙදිලා තිබුණු මෙයාගේ උපන්දිනය සමරපු විදිහ තමයි මේ.දැනට යුද හමුදාවේ සේවය කරපු අය අතුරින් ජිවත් වෙලා ඉන්න වයස් ගතම පුද්ගලයා මෙයා කියල තමයි මම නං හිතන්නේ.

සීයේ
සියක් ආයු ගෙන
මගෙත් ආයු ලැබ
මටත් වඩා කල්
ඔබ ජිවත් වේවා !!!

(උපුටා ගැනීම – දැනුම් පොද.. සමාජ මාධ්‍ය )

Exit mobile version