හොරාට රට පනින්න ගිය තරුණයින් දෙදෙනෙක් මාට්ටු.

නීතිවිරෝධීව විදෙස්ගතවීමට උත්සාහ කළ තරුණයින් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

තැරැව්කරුවෙකු විසින් කූඨ ලෙස සකස් කරදුන් වීසා බලපත්‍ර භාවිත කරමින් ඔස්ට්‍රියාවට යාමට උත්සහ කළ අදාළ තරුණයින් දෙදෙනා ගුවන්තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .

එම සැකකරුවන් දෙදෙනා තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ 731 දරණ ගුවන් යානයෙන් පිටත්ව යාමට පැමිණ තිබු අතර ඔවුන් 25 හැවිරිදි සහ 27 හැවිරිදි කිලිනොච්චිය සහ මුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන් .

Exit mobile version