භාණ්ඩ සොරකමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු, සොරා ගත් ලක්ෂ 21ක් පමණ වටිනා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාරගොඩ පාර, අංගොඩ සහ වැළිහිඳ කඩුවෙල යන ලිපිනවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 36, 32 සහ 29 යන වයස්වල පසු වන එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකි.
සැකකරුවන් අතුරුගිරිය, කඩවත, තලංගම, කඩුවෙල, පොලිස් වසම්වල ස්ථාන 18කින් භාණ්ඩ සොරකමේ යෙදී ඇති අතර ඔවුන් අතුරුගිරිය ඒ අවට සහ බන්ධනාගාර තුළ ‘අයියා මලෝ තුන්දෙනා’ ලෙස ප්රකට සැකකරුවන් තිදෙනෙකි. ඔවුන් අධිකරණ කිහිපයකම වරෙන්තුකරුවන් වන බව ද වාර්තා වේ .
සැකකරුවන් තිදෙනා කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .