පුද්ගලයන් විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
ගම්පහ පොලීසියට ලද පැමිණිලි 04ක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි උඩුගම්පොළ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ගම්පහ පොලීසිය මඟින් සිදු කරනු ලබයි.