ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ යළිත් ශ්‍රී ලංකාවට.

1765 වර්ෂයේ දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාව වැටලූ අවස්ථාවේ දී රැගෙන ගිය මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට භාර  දීම සඳහා නෙදර්ලන්ත රජය කැමැත්ත පළ කර ඇති අතර ඒ සඳහා වන නිල නිවේදනය ඊයේ (06) දින නෙදර්ලන්ත රජය විසින් නිකුත් කළ බව බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රනින් සහ රිදියෙන් නිම කළ කොපුව සහිත කස්තාන දෙකක් , මහතුවක්කු දෙකක් , රනින් නිම කළ පිහියක් , ලෙවුකේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැළකෙන කාල තුවක්කුවක් මෙලෙස රැගෙන ගිය කෞතුක භාණ්ඩ වලට අයත් බව සඳහන් වේ.

Exit mobile version