දිල්ලියට කෘත්‍රිම වැසි.

නවදිල්ලි අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වන බව වාර්තා වේ.

දිල්ලි මහ ඇමති, ආම් ආද්මී පක්ෂ නායක, අරවින්ද් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කාලගුණ විද්‍යාඥයන් හවුල් කර ගනිමින්, සාකච්ඡා පවත්වා නවදිල්ලි අගනුවර වාතයේ ගුණාත්මකභාවය වැඩි කිරීමේ අරමුණින් මෙසේ කෘත්‍රිම වැසි ඇද හැලීමට සලස්වන බවයි.

මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය අපේක්ෂා කරන බව ද දිල්ලි මහ ඇමැතිවරයා පවසා තිබේ.

මේ වනවිට ලොව වායු දූෂණය අතින් ඉදිරියෙන්ම ඇත්තේ නවදිල්ලි අගනුවර යැයි පැවැසෙයි. වායු දූෂණය හේතුවෙන් නවදිල්ලියේ ප්‍රාථමික පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.

Exit mobile version