පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදීමක්.

නෙල්ලි අඩි පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 8 දෙනෙකු එම ආයුධත් සමග කන්කසන්තුරය කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්‍යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

වයස අවුරුදු 18 ත් 30 ත් අතර පසුවන ඔවුන් අත්තායි සහ කරවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිදුවීම සම්බන්ධයෙන් කන්කසන්තුරය කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්‍යාංශය විසින් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබන බව සදහන්.

Exit mobile version