ATM කාඩ්පත් සොරකමක් .

කොටිකාපල ප්‍රදේශයේ 22 හැවිරිදි පුද්ගලයෙකු  ATM යන්ත්‍ර අසළ රැදී සිට පුද්ගලයින් රවටා ATM කාඩ්පත්වල රහස් අංක ලබා ගෙන මුදල් ලබා ගන්නා ලද පුවතක් වාර්තා විය.

මෙම සැකකරු කුරුණෑගල නගරයේ බැංකුවල ATM යන්ත්‍ර අසළ රැදී සිටිමින් මුදල් තැන්පතු කිරීමට පැමිණෙන පුද්ගලයින් රවටා කාඩ්පත්වල රහස් අංක ලබා ගෙන වෙනත් ATM කාඩ්පත් සමග මාරු කර මෙම සොරකම කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු ඊයේ (29) දහවල් කුරුණෑගල ප්‍රදේශයේදී අත්තඩංගුවට ගත් බව වාර්තා කරයි.

Exit mobile version