උසස් අධ්‍යාපනයට කඩිනමින් ප්‍රවේශ වීමට හැකිවන අයුරින් පාසල් වසර ගණන අඩු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය විසින් අලුතින් ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස විභාග වර්ෂ සංශෝධනය කිරීම සඳහා අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් හා අදහස් ලබාගැනීමට නියමිතව ඇති අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍යාංශය මේ වනවිට සොයා බලමින් සිටින නමුත්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් එසේ තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි සඳහන් කර තිබේ .
වාර්තා වන ආකාරයට මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ශක්‍යතා අධ්‍යයනයක් පමණක් සිදු කිරීමට නියමිතව තිබේ .
.