බාබර් නායකත්වයට සමු දෙයි.

පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම් තුනෙහිම නායකත්වය දැරූ බාබර් අසාම් වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ (15) ලිපියක් මඟින් නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

නායකත්වයෙන් ඉවත් වූවත් තම අත්දැකීම් සහ කැපවීම මඟින් නව නායකයාට සහ කණ්ඩායමට සහයෝගය දැක්වීමට සූදානම් බවත් බාබර් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

Exit mobile version