මීටියාගොඩ ප්රදේශයේ නීතිවිරෝධී මත්පැන් බෙදාහැරීමේ ප්රබල සාමාජිකයකු වන ‘බබී’ අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බළකාය පවසා ඇති බව වාර්තා වේ.
මෙම සැකකරු නිසා එම ප්රදේශයට දැඩි බලපෑමක් එල්ලවී තිබූ බවද එම නිලධාරීන් සඳහන් කරයි.
එම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් තොගයක් ද සොයාගෙන ඇත.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි ඔට්ටු ඇල්ලීමේ ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ වෙනුවෙන් සැකකරුගේ නිවස වටා ආරක්ෂිත කැමරා පද්ධතියක් ද සවිකර තිබූ බවට STF නිලධාරීන් නිරීක්ෂණය කර තිබුණි.
ඊට අමතරව ඔත්තුකරුවන් ද යොදා ගනිමින් පොලීසියෙන් බේරීමට සැකකරු කලක සිට කටයුතු කර තිබූ බවද හෙළිවී ඇත.
මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරුගේ ළඟම ඥාතියෙකු රජයේ උසස් නිලධාරියෙකුගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන බැවින් ඊට මුවාවී මොහු සිය ජාවාරම කරගෙන ගොස් ඇති බවයි.
අත්අඩංගුවට ගත් 47 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීටියාගොඩ පොලීසියට භාරදී තිබේ.