නායයාමක් හේතුවෙන් දින 7ක පමණ කාලයක් අවහිරව තිබූ බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය ගමනා ගමනය සඳහා විවෘත කර ඇති බව වාර්තා වේ.
අද (16) දහවල් එම මාර්ගය විවෘත කළ බවට බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසා තිබේ.
බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය හතේ කණුව ප්‍රදේශයෙන් ඉකුත් 9 වනදා සිදුවූ නායයාමක් නිසා දින 7 ක පමණ කාලයක් ගමනා ගමනය නතරවී තිබිණි.
මාර්ගය වැසෙන සේ කඩාවැටී තිබූ පස් ගල් හා ගස් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කර ගිලාබැසීම් හා කඩතොළු වූ ස්ථාන පිළිසකර කිරීමෙන් පසු එම ස්ථානයෙන් ගමන් කිරීමට සුදුසු තත්ත්වයක තිබේදැයි ජාතික ගෙඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් විසින් පරීක්ෂා කළබවද අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.