බදුල්ල රෝහලට යළි විදුලිය ලැබිලා.

රුපියල් කෝටි 07කට ආසන්න හිඟ විදුලි බිලක් බදුල්ල ශික්ෂණ රෝහල වෙත යොමුකර තිබු අතර එය නොගෙවීම හේතුවෙන් ඊයේ (10) පෙරවරුවේ රෝහලේ වෛද්‍ය නිල නිවාස, හෙද පුහුණු අංශය හා හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණි.

ඒ අනුව රෝහල් පාලනාධිකාරිය විසින් ඊයේ (10) පස්වරුවේ රුපියල් මිලියන 20ක මුදලක් ගෙවා තිබෙන බවත් , ඉතිරි මුදල සතියක් තුළ ගෙවා දමන බවට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව යළි විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

Exit mobile version