බදුලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු වේ.

උඩරට මාර්ගයේ නාය යෑම් හේතුවෙන් අද දින බදුලු රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කර ඇති බව වාර්තා වේ.

මේ වන විට මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ , ස්ථාන කිහිපයක කඳු නායායෑම් නිසා අවස්ථා ගණනාවකදී දුම්රිය මාර්ගය අවහිර විය.

අද දින ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 31 දරණ බිංගෙය ආසන්නයේ කඳු ගැටයක කොටස උදෑසන 05 ට පමණ නාය යෑමෙන් දුම්රිය මාර්ගය අවහිරවිය. එම අවහිර වු මාර්ගයේ පස් ඉවත් කිරීමෙන් දුම්රිය ධාවනය නැවත ආරම්භ කල ද නැවත උදෑසන 10.30 ට පමණ එම ස්ථානයේම කොටසක් නාය යෑම ලක්විය. නැවත දහවල් 12.30 ට එම ස්ථානය නාය ගිය අතර, අද දින තුළ එකම ස්ථානයේ තුන් වරක් නාය යෑමකට ලක් විය.

තව ද හාලී ඇළ හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ කොටසක් මේ වන විට නාය යෑමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් අද දින රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

Exit mobile version