බලහත්කාරයෙන් ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයට ඇතුලුවීමට උත්සාහ ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 10දෙනෙකු ඇප මත මුදාහැර තිබෙන බව වාර්තා වේ .
එම සැකකරුවන් අද (09) කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර ඇති බව සඳහන් .
එහිදී අධිකරණය අදාළ ඇප නියෝගය ලබාදෙමින්
සැකකරුවන්ට රාජ්ය ආයතනය වෙත අයුතු ලෙස ඇතුලුවීම ද තහනම් කර තිබේ.
ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ බලහත්කාරයෙන් ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයට ඇතුලු වීමෙන් පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.