N.M.K. සමූහ ව්‍යාපාරයට ලබා දුන් එක් කෝටි හතළිස් එක් ලක්ෂයක වටිනාකමින් යුත් චෙක්පත් 18 ක් අගරු වීම හේතුවෙන් අතඅඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු මිලියනයක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම පදිංචිය තහවුරු කරන ලෙසද නියෝග කරන ලදී .
සැකකරු N.M.K. සමූහ ව්‍යාපාරයෙන් අලෙවි කිරීම සඳහා පාම් ඔයිල් ලබගෙන ඒ සඳහා ලබාදුන් චෙක්පත් 18 ක් මෙලෙස අගරු වී තිබෙන අතර එහිදී සැකකරුගේ පදිංචිය තහවුරු කරන ලෙසද නියෝග කරන ලදී .
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජයන්ත ලියනගේ මහතා සදහන් කර සිටියේ තම සේවාදායකයා එම මුදල් වාරික වශයෙන් ගෙවීමට කැමති බවත් , චෙක් පත් ලබා දී කාලයක් ගත වුවද දෙපාර්ශ්වයම ඒ පිළිබඳ සොයා බලා නොමැති බවත්ය.