ඇතින්නට වෙඩි තැබූ නිලධාරියාට ඇප.

මහියංගනය ඇසළ පෙරහැරට සහභාගි වූ ඇතින්නකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බළකා නිලධාරියා ඇප මත නිදහස් කර තිබෙන බව වාර්තා වේ.

සැකකරු අද (30) මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙසටයි.

සැකකරු මාපාකඩවැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙක් වන අතර මහියංගනය රජමහා විහාරයේ පෙරහර සඳහා රැගෙන ගොස් සිටි මහරගම සීතා නමැති ඇතින්නක් මෙම වෙඩි පහරින් තුවාල ලැබීය.

වෙඩි වැදීම හේතුවෙන් ඇතින්නගේ ඉදිරිපස කකුල ආසන්නයට තුවාල සිදුව ඇති අතර ජීවිත අනතුරක් සිදු වී නොමැති බව සඳහන්.

නමුත් මෙම වෙඩි තැබීම සිදු කිරීමට යොදාගෙන තිබෙන්නේ ජීව උණ්ඩ ද නැතහොත් රබර් උණ්ඩ ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැත.

Exit mobile version