රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා බාරකරු චූටි කපුරාල රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්රාත් තරිඳු ද සිල්වා මහතා අද නියෝග කළ බව වාර්තා වේ.
කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකාර චූටි කපුරාල තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිරිපත් කළ බව සදහන්.
සැකකරුට සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනි සිටින ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
මෙලෙස ඇප මත මුදා හැරියේ රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා බාරකාර කපු මහතා ලෙස කටයුතු කළ සමන් ප්රියන්ත නොහොත් චුටි කපුරාල නමැත් තෙකි.