සචිත්‍රට ඇප.

තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙන බව වාර්තා වේ .

සැකකරු විමර්ශන පැවැත්වෙන කාලසීමාවේදී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් ඔහු ඇප මත මුදාහැරීමට තීරණය කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ .

නමුත් සැකකාර සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය තවත් නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් .

Exit mobile version