බළංගොඩ කල්තොට හරහා කතරගම දක්වා ඇති මාර්ගයට කල්තොට බෙල්ලන්ගල ප්රදේශයේදිි ගල් පෙරලිම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බව වාර්තා වේ.
පවතින අධික වර්ෂාවත් සමග මාර්ගයට විශාල ගල් කිහිපයක් පෙරලීම හේතුවෙන් රථ වාහන ගමනාගමනය ඇන හිටි බවට කල්තොට පොලීසිය ප්රකාශ කර තිබේ.
කල්තොට පොලීසිය සහ බළංගොඩ ප්රාදේශීය සභාව, කල්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්ව බැකෝ යන්ත්ර යොදා එම ගල් මාර්ගයෙන් ඉවත් කර වාහන ධාවනය කිරිම සදහා පැය කිහිපයකට පසු කටයුතු කළ බව සදහන්.